top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වීපාර්ශවීය දේශපාලන සාකච්ඡාවක්...

  • admin928749
  • Mar 24
  • 1 min read

ree

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන 06 වැනි වටය 2025 මාර්තු 25 වැනි දින බැංකොක් නුවර තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වේ.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ස්ථිර ලේකම් එක්සිරි පින්තාරුචි මහත්මිය විසින් මෙම උපදේශන සම සභාපතිත්වය දරනු ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.


එළඹෙන උපදේශන මගින් 2023 අගෝස්තු මාසයේදී කොළඹ පැවති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 5 වන වටයේ සිට සහ 2024 පෙබරවාරි මාසයේදී හිටපු තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් පසු ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කරනු ඇත.


ශ්‍රී ලංකාව සහ තායිලන්තය මේ වසරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සමරන බැවින් දේශපාලන කටයුතු, වෙළෙඳ හා ආයෝජන, පුනර්ජනනීය බලශක්ති, ධීවර හා කෘෂිකර්ම ක්ෂේත්‍ර සහයෝගිතාව, ආරක්‍ෂාව, සංස්කෘතිය සහ සංචාරක ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page