top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ආපදාවට පත් ප්‍රදේශවලට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්....

  • admin928749
  • Nov 28, 2024
  • 1 min read

ree

ජනාධිපති ලේකම් කාර්යාලයේදී රජයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී, ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේදී තාක්ෂණික දත්ත මත පමණක් නොනැවතී, ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු රැස් කරමින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්හ.


එමෙන්ම, බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයද අවධාරණය කළ ජනාධිපතිවරයා, ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින විපතට පත් ජනතාවට ආහාර, ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමටත්, අවශ්‍ය මුදල් වෙන්කර ආධාර සැපයීමටත් බලධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.


අධික අවධානමට පත් උතුරු නැගෙනහිර පළාත් සඳහා විශේෂ අවධානය යොමු කිරීමටද සාකච්ඡාවේදී තීරණය කළ අතර, උසස් පෙළ විභාගයට මුහුණදෙන ශිෂ්‍යයින්ගේ මානසික සෞඛ්‍යය සහ අපහසුතා සැලකිල්ලට ගෙන අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අංශවලට උපදෙස් ලබා දෙනු ලැබීය.


එසේම, දැනට මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවරයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඔවුන්ව සුරක්ෂිතව ගොඩබිමට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියෝග කළේය.


විපතට පත් ජනතාවගේ අවශ්‍යතා ගුණාත්මක සේවා සපයමින්, එම ජනතාවගේ තත්ත්වය පිළිබඳ පසු විපරම් තොරතුරු ලබා ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විශේෂයෙන් අවධාරණය කළේය.


Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page