අගෝස්තු පළමු දින 16 තුළ සංචාරකයන් 113,307ක් දිවයිනට...
- 41 minutes ago
- 1 min read

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කළ නවතම දත්ත අනුව, අගෝස්තු මාසයේ පළමු දින 16 තුළ සංචාරකයන් 113,307 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ අනුව, ඉන්දීය ජාතිකයන් 25,355 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය සමස්ත සංචාරක පැමිණීම්වලින් ආසන්න වශයෙන් 22%ක් වේ.
මේ අතර, එම කාලසීමාව තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 12,738 දෙනෙකු සහ ප්‍රංශයෙන් සංචාරකයන් 8,106 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
නවතම සංචාරක දත්ත සමඟ 2026 ජනවාරි 1 සිට අගෝස්තු 16 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,456,725 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 වසරේ මේ දක්වාද ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 363,585 දෙනෙකු වන අතර, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 143,139 දෙනෙකු පැමිණ තිබේ.
More updates to come on AusNewsLanka.
Source : Ada Derena News






































Comments