අඩු පීඩන කලාපයක් හෙට ශ්‍රී ලංකාවට සහ තමිල්නාඩුවට...
- admin928749
- Dec 10, 2024
- 1 min read

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින් හෙට (11) වන විට ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැක.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වේ.
කෙසේ වෙතත්, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.






































Comments