ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා මොස්ටින් දිවයිනට...
- admin928749
- Aug 7
- 1 min read

නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් පිළිගනු ලැබීය.
කටුනායක ගුවන්තොටුපළට පැමිණි සමන්තා ජෝයි මොස්ටින් විදේශ අමාත්‍ය විජිත හේරත් ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් විසින් පිළිගනු ලැබීය.
ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල්වරයාගේ සංචාරය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය හේරත් පැවසුවේ ඇයගේ නිල සංචාරය ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ සහ ප්‍රධාන අංශ හරහා සහයෝගීතාව ගැඹුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.
සිය සංචාරය අතරතුර, ආණ්ඩුකාර ජෙනරාල්වරිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද නැරඹීමට සමන්තා ජෝයි මොස්ටින් පැමිණෙනු ඇත.
More updates to come on AusNewsLanka.






































Comments