top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

පෘථිවියට තවත් 'සඳක්'

  • Dhanuka Kaluarachchi
  • Sep 29, 2024
  • 1 min read

Updated: Oct 27, 2024


Get ready to experience a cosmic wonder this fall season. According to scientists, Earth is on the verge of acquiring a second moon.

එනම්, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ග්‍රහණය කර ගන්නා කුඩා ග්‍රහකයක් තාවකාලිකව "කුඩා සඳක්" බවට පත් වීමට නියමිතව තිබේ.

මෙම අභ්‍යවකාශ ආගන්තුකයා පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට පෙර සැප්තැම්බර් 29 වන දා සිට මාස කිහිපයක් පමණ එලෙස රැඳී සිටිනු ඇත.

කණගාටුවට කරුණ නම්, ඔබට වෘත්තීය මට්ටමේ දුරේක්ෂයක් නොමැතිව, මෙම දෙවන චන්ද්‍රයා දැකීමට නොහැකි තරම් කුඩා හා අඳුරු වීම ය.


මෙම ග්‍රහකය ප්‍රථම වරට NASAහි Asteroid Terrestrial-Impact Last Alert System (ATLAS) මගින් සොයාගනු ලැබුවේ අගෝස්තු 7 වන දා ය.

විද්‍යාඥයින් විසින් එහි ගමන් පථය පිළිබඳව අධ්‍යයනය කර එම සොයා ගැනීම් පිළිබඳව ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ පර්යේෂණ සටහන්හි පළ කරනු ලබ ඇත.

2024 PT5 ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන මෙම ග්‍රහකය, පෘථිවියට බෙහෙවින් සමාන කක්ෂයක ගමන් කරන, පාෂාණ අඩංගු අර්ජුන ග්‍රහක කලාපයෙන් පැමිණේ.

ඇතැම් අවස්ථාවලදී, මෙම ග්‍රහකවලින් සමහරක් අපගේ ග්‍රහලෝකයේ සිට සැතපුම් මිලියන 2.8ක් (කිලෝමීටර් මිලියන 4.5ක්) පමණ දුරක් දක්වා සාපේක්ෂව සමීපයට පැමිණේ.

මේ පිළිබඳව අධ්‍යයනය කළ පර්යේෂකයන්ට අනුව, මෙවැනි ග්‍රහකයක් පැයට සැතපුම් 2,200 (3,540km/h) පමණ අඩු වේගයකින් ගමන් කරන්නේ නම්, පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඒ වෙත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි අතර, එම බලය එය තාවකාලිකව රඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත.

සිදුවීමට නියමිත දේ හරියට ම පවසන්නේ නම්, මෙම සති අන්තයේ සිට මෙම කුඩා ග්‍රහකය පෘථිවිය වටා ගමන් කරමින් මාස දෙකක පමණ කාලයක් ගත කරනු ඇත.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page