සංචාරකයෙකු දුම්රියෙන් වැටී බරපතල තුවාල...
- Mar 10, 2025
- 1 min read

35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ඉදල්ගස්හින්න 19 වන දුම්රිය උමග අසලදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් වැටී බරපතල තුවාල ලබා ඇත.
ඇය නානුඔයේ සිට බදුල්ල දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. වාර්තාවන්ට අනුව ඇය දුම්රියෙන් පිටතට හේත්තු වී සිටියදී ඇගේ හිස උමං බිත්තියේ වැදීමෙන් ඇය ඇද වැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇත. පසුව ඇයව විශේෂ ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
ඇයගේ හිසට සහ පාදයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
අනතුරින් පසු ඇයව දුම්රියෙන් ප්‍රවාහනය කර ඇති අතර පසුව 1990 සුවසැරිය ගිලන්රථ සේවාවක් මගින් ඇය රෝහල වෙත මාරුකර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ පවත්වයි.






































Comments