සියලුම ඩිජිටල් සේවා සඳහා වැට් බදු පැනවීමේ සූදානමක්...
- Jun 24
- 1 min read

ඩිජිටල් වේදිකා භාවිතා කරමින් සේවා සපයන පුද්ගලයින් ලබන මස 1 වන දින සිට වැට් (අගය එකතු කළ බද්ද) ට යටත් වන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පනත ඇතුළුව බදු සංශෝධන කිහිපයක් සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබුණු බව ඔහු පැවසීය.
බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ එම බදු බලාත්මක වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම ද බදු සංශෝධනවලට ඇතුළත් බව ඔහු තවදුරටත් පැවසීය.
Source : News First
More updates to come on AusNewsLanka.






































Comments