අත්හිටුවන ලද සේවක අර්ථසාධක අරමුදල් සේවා නැවත ආරම්භ කෙරේ...
- admin928749
- May 22
- 1 min read

තාවකාලිකව අත්හිටුවන ලද සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධ සේවාවන් නැවත ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ අද දහවල් 12.00 සිට සේවා නැවත ආරම්භ කළ බවයි.
මීට පෙර, EPF සේවා සඳහා භාවිතා කරන පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් මැයි 23 වන දින දක්වා සේවා තාවකාලිකව අත්හිටුවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.







































Comments