top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

රාජ්‍ය සේවය ඉහළ නැංවීමට AI තාක්ෂණය භාවිතය කිරීමට සැලැස්මක්...

  • admin928749
  • Jun 16
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - A strategy to utilize AI technology to elevate the public sector.
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

රාජ්‍ය සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


“රාජ්‍ය සේවය පරිවර්තනය කිරීම සඳහා AI” යන මාතෘකාව යටතේ පැවති මෙම වැඩමුළුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය. රජයේ ප්‍රධාන මුලපිරීමක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා ආරම්භක දිශානතියක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සූදානම් කිරීම මගින් සේවය කිරීම සහ රාජ්‍ය අංශය තුළ කෘතිම බුද්ධිය පිළිබඳ ධනාත්මක අවබෝධයක් ඇති කිරීම එහි අරමුණ විය.


ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසීන මහතා ද කෙටි දේශනයක් පැවැත්වීය.


ඉන්පසු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන හර්ෂ පුරසිංහ සහ සමීසා අබේසිංහ මහතා ප්‍රායෝගික නිරූපණ ඇතුළත් දැනුවත් කිරීමේ සැසි පැවැත්වීය.


මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.


Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page