දුම්රියේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී ඕස්ට්‍රේලියානු කාන්තාවකට බරපතළ තුවාල...
- admin928749
- Apr 2
- 1 min read

සඳුදා (31) සවස කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ Odyssey ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අසලදී පා පුවරුවේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇයගේ හිස යකඩ කණුවක වැදීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.
ඇය නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කෙරුණා.
ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි 27 හැවිරිදි සංචාරක තරුණිය ඇල්ල ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
ඇයගේ හිස යකඩ කණුවේ වැදී දුම්රියෙන් වැටී ඇති බවයි දුම්රිය නිලධාරීන් සඳහන් කළේ. ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළා.
හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






































Comments