top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

ජාතික ජන බලවේගය දැනට ඉදිරියෙන්! ප්‍රබලයින් රැසක් ඉවතට...

Nov 15, 2024
1 min read


2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දැනට ලැබී ඇති ප්‍රතිඵල වලට අනුව, ජාතික ජන බලවේගය (NPP) ඡන්ද මිලියන පහ ඉක්මවා ඉදිරියෙන් ඇත.


සමගි ජන බලවේගය මේ වන විට ඡන්ද මිලියන 1.5 කට වැඩියෙන් ලබාගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NDF) ඡන්ද ලක්ෂ හතරකට වැඩියෙන් දැනට ලබාගෙන ඇත.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) දැනට ලබා ඇති මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකින් පවතී.


දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව, NPP මේ වන විට ආසන 98, SJB ආසන 25, NDF 3, SLPP ආසන 2 සහ ITAK ආසන 3 ලබා ගෙන ඇත.


හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට මාතර දිස්ත්‍රික්කයේ ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ සහ මනූෂ නානායක්කාර මන්ත්‍රී ධුර අහිමි වී ඇත. මහින්ද අමරවීර ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ප්‍රබලයින් රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවතට විසි වනු ඇත.


සමස්ත ප්‍රතිඵල වලට අනුව පාර්ලින්මේන්තුවේ වැඩි බලය ජාතික ජන බලවේගයට හිමි වනු ඇත. බොහෝ දෙනා මේ වන විට නොඉවසිල්ලෙන් පසු වන්නේ ඔවුන් ලබාගන්නා ආසන සංඛ්‍යාවන් දැනගැනීමටයි. අවසන් ප්‍රතිඵලය සහ ආසන ප්‍රතිඵල සමගින් Aus News Lanka අපි ඔබව නැවතත් යාවත්කාලීන කරන්නෙමු.

 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
News Website Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page