top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

ජනාධිපතිවරයාගේ 2025 අයවැය ප්‍රකාශයේ මූලික අරමුණු...

Jan 22, 2025
1 min read

සෑම ජන කොටසක්ම රටේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මූලික සාකච්ඡාවකදීය.


පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති විමධ්‍යගත අරමුදල් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් කාර්යක්ෂම හා ඵලදායී ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය.


රාජ්‍ය මැදිහත්වීම සහ අත්‍යාවශ්‍ය පහසුකම් සපයා පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව මෙම හමුවේදී සොයා බැලීය.


පසුගිය පාලන සමයේදී විමධ්‍යගත අරමුදල් සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වෙන් කළ නමුත් එම අරමුදල් ඵලදායී ව්‍යාපෘති සඳහා යොමු නොකළ බව සටහන් විය. මෙම සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සඳහා ජාතික ව්‍යාපෘති සඳහා වෙන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු විය.


නිෂ්පාදකයින් සතුව පවතින සහල් තොග නියාමනය කිරීම සහ වී මිලදී ගැනීම සඳහා සහල් මෝල් හිමියන්ට ලබා දී ඇති ණය වසරක් ඇතුළත ගෙවා අවසන් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


නාගරික කේන්ද්‍රීය ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කරමින් ඔවුන් ක්‍රියාශීලීව එම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා සියලු පළාත්වලට සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කෙරෙන ආර්ථික සැලැස්මක අවශ්‍යතාව අවධාරණය කළේය.


දැනට පවතින සුබසාධන බෙදා හැරීමේ යාන්ත්‍රණයන්හි අඩුපාඩු ද පෙන්වා දුන් ඔහු, සැබෑ සුදුසුකම් ඇති ප්‍රජාවන් හඳුනාගෙන නියමිත වේලාවට සහය ලබා දීම සඳහා බෙදාහැරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.



 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
News Website Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page