top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

"සිව් සීවටන් මග වැඩුම" සර්වරාත්‍රික ධර්ම දේශනය...

Mar 20, 2025
2 min read


ලොව පහළවන තාක් සියළු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහැර පවත්වනු ලබන සිව් සීවටන් මග වැඩුම ( සතර සතිපට්ඨාන සූත්‍ර) දේසනාව අවිජහිත දේශනාවකි. 


සමථ - විපස්සනා භාවනා මාර්ගය විස්තර වශයෙන් සංග්‍රහ කරමින් වදාළ එම සුත්‍රය ප්‍රධාන කොටස් සතරකින් යුක්ත වේ. එනම්, 

1. කායානුපස්සනාව 

2. වේදනානුපස්සනාව 

3. චිත්තානුපස්සනාව 

4. ධම්මානුපස්සනාව 


භාවනා කර්මස්ථාන විසි එකක් (21) ඇතුලත් මේ උතුම් සූත්‍ර දේශනාව සියළු දෙව් මිනිසුන්ගේ සැපත පිණිසම වදාළ සම්බුදු කරුණාවේ හා මහා ප්‍රඥාවේ විශ්මය කියාපාන ආශ්චර්යමත් දේශනාවකි. එහි සංක්ෂිප්ත උද්දේසය මෙසේය... 


“එකායනො අයං භික්‍ඛවෙ මගෙගා සතතානං විසුද්ධියා සොකපරිදදවානං සමතික්‍කමාය දුක්‍්ඛදොමනස්සානං අත්ථඞගමාය ඤායසස අධිගමාය නිබබානසස සචඡිකිරියාය, යදිදං චතතාරො සතිපටඨානා....” 


“මහණෙනි ! සත්ත්වයින්ගේ පාරිශුද්ධිය පිණිසද, ශෝකය හා හැඩීම් වැළපීම් දුරු කරනු පිණිසද, දුක් දොම්නස් නසා දැමීම පිණිසද නිවන් මග හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශය පිණිසද, නිවන් අවබෝධය පිණිසද පවත්නා වූ මේ සතර සතිපට්ඨානයෝ, නිවනට යන එකම මාර්ගය වේ” 


කූරු රට කම්මාස්සදම්ම නියම ගමේදී සිව්වනක් පිරිසම අමතා වදාළ මේ උතුම් ධර්ම පර්යාය සමස්ථ බුදු සසුන පිළිබඳ වූම අභීත සිහ නදකි. ත්‍රිපිටකයටම පටුනකි. සදහම් කැඩපතකි. රතනාකරයකි. සුභාෂිතයකි. සංසාර දුක් ගිනි නිවාලූ අමා වැස්සකි. 


එදා මෙදා තුර මේ මහා සතිපට්ඨාන සුත්‍රය ගිහි-පැවදි දෙපිරිසම වඩාත් උනන්දුවෙන් කටපාඩමින් දරා ගත් බවත් භාවිතයට ගෙන ජීවිතය දිනූ බවත් සිංහල හා පාලි මුලාශ්‍ර මගින් තහවුරු කළ හැකිය. 


බණ අසමින්ම සතිපට්ඨානය වඩා මගඵල නිවන් ලැබූ අසිරිමත් සිදුවීම් බොහෝ සෙයින් මෙරට ඉතිහාසයෙන් පෙන්විය හැකිය. පෙර රජ දවස සේම මෑතක් වනතුරුම අප රටේ මේ උතුම් සතිපට්ඨාන සූත්‍රය තුන්යම් රාත්‍රිකව ධර්මකථික භික්ෂූන් විසින් දේශනා කොට ඇත. 


පොදු මහජනතාව අත්‍යාදර ගෞරවයෙන් ශ්‍රවණය කොට අවබෝධයට පැමිණ සිත ගත සනසා ගත් බව ශාසන ඉතිහාසයෙන් තහවුරු වේ. 


නොයෙක් ආකාරයේ කායික මානසික පීඩාවන්ගෙන් අසහනයට පත් අහිංසක මහජනතාවට මෙලොවදීම උපරිම සහනයක් ප්‍රීතියක් ලබාදිය හැකි මේ උතුම් සතිපට්ඨාන දහම් පර්යාය, නැවත නැවත දේශනා කිරීම, අසන්නට සැලැස්වීම, පිළිපදින ආකාරය ඉගැන්වීම සත්පුරුෂයන්ගේ පරම යුතුකමකි. ළමා ලපටින්ගේ පටන් වැඩිහිටි උදවිය දක්වා පිරිමි - නොපිරිමි, ගිහි-පැවදි කවුරුත් සොයා යන සදාතනික සුව සහනය තම තමා හටම පසක් කොට ළං කරදීමේ පරම පිවිතුරු චේතනාවෙන් මෑත ඉතිහාසයේ පළමු වතාවට කෙරෙන මේ තුන්යම් රාත්‍රික සිව් සීවටන් මග වැඩුම ( මහා සතිපට්ඨාන )දේශනාව කීස්බරෝ ධම්ම සරණ විහාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. 


මෙය පෞද්ගලික කටයුත්තක් නොවේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ පිය උරුමයෙන් ලද ආරක්ෂක ස්ථාන වන සතිපට්ඨාන ක්ෂේම භූමියට ගමන් කොට සැනසෙනු පිණිස මානව වර්ගයාටම කෙරෙන සුහද ආමන්ත්‍රණයකි. ආදරණීය නිමන්ත්‍රණයකි. 


එහිලා හැකි උපරිමයෙන් අප හා එක්වන ලෙස කීස්බෙරෝ ධම්මසරණ විහාරය හා අමා දොර විවර විය සදහම් පදනම විසින් ඔබට මෙත් සිතින් ආරාධනා කරනු ලැබේ... 


තෙරුවන් සරණයි !!!



 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
News Website Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page