වක්‍ර බදු ප්‍රමාණය දිගින් දිගටම වැඩි වන ලකුණු...
- admin928749
- Feb 26
- 1 min read

ශ්‍රී ලංකාවේ ජීවන වියදම වැඩිවීමට ප්‍රධානතම හේතුව වන්නේ වක්‍ර බදු (Indirect Taxes) වැඩියෙන්ම ආදායම් වියදමක්වීමයි. රජය සෘජු බදු (Direct Taxes) වැඩි කිරීමෙන් ජනතාවගේ මූල්‍ය බර අඩු කිරීමට උත්සාහ කළත්, එය ප්‍රයෝජනවත් වී නැත.
දැනට රජයේ මුළු බදු ආදායමේ 80%ක් වක්‍ර බදු වලින් ලැබෙන අතර, සෘජු බදු වලින් ලැබෙන්නේ 20%ක් පමණයි. උසස් මධ්‍යම ආදායම් ප්‍රමාණයේ රටවල (Upper Middle-Income Countries) අනුපාතය 60%ක් වක්‍ර බදු සහ 40%ක් සෘජු බදු ලෙස පවතින අතර, ශ්‍රී ලංකාවත් එම ඉලක්කය ලඟා කර ගැනීමට උත්සාහ කළද, එය සාර්ථක වී නැත.
ශ්‍රී ලංකාවේ සෘජු බදු ආදායම GDP වලින් 2%ක් පමණයි, නමුත් අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල එය අවම වශයෙන් 4%ක් වේ. මධ්‍යම සාමාන්‍ය මාසික ගෘහ ආදායම රු. 76,414ක් වන අතර ගෘහ වියදම රු. 63,130ක් ලෙස ජාතික සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.






































Comments