ජනපති චීනයේ නිල සංචාරයක...
- admin928749
- Jan 14
- 1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (14) චීනය බලා පිටත්ව ගොස් ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, මෙම සංචාරය ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ බිමල් රත්නායක ද එක්ව සිටී.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් සේවාවේ MU-232 නියමිත මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගියේය. ගුවන් යානය නියමිත වේලාවට පමණක් නොව, කිසිදු ප්‍රමාදයකින් තොරව පිටත් වීම විශේෂත්වයකි.
ජනාධිපති දිසානායක මහතාගේ නිල චීන සංචාරය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීමට සහ ආර්ථික, පාරිභෝගික හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වැඩිදියුණු කිරීමට අරමුණ කර ඇත.
ඔහු සිය සංචාරය අවසන් කර එළැඹෙන සිකුරාදා (17) දිවයිනට නැවත පැමිණීමට නියමිතය.






































Comments