top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

රාජ්‍ය සේවාව සක්‍රීය කිරීමට නව වැඩපිළිවෙළක්...

  • admin928749
  • Jan 27
  • 2 min read

ree

පුරවැසියාගේ අයිතියක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.


වත්මන් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පුරවැසියන් තුළ පවතින අප්‍රසාදය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා, රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම සේවාවක් පුරවැසියන් වෙත ලබාදීම රජයේ අරමුණ බව ද ප්‍රකාශ කළේය.


අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.


ජූනි මාසය වන විට රාජ්‍ය සේවය සඳහා නිවැරදි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය කළ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ වත්මන් දත්ත ප්‍රමාණයේ පවතින සැලකිය යුතු සංකීර්ණතාව නිසා නිශ්චිත තීරණ ගැනීමේ හැකියාවට බාධා එල්ල වී ඇති බව ද පෙන්වා දුන්නේය.


රාජ්‍ය නිලධාරීන්ට සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට සහ වසර තුනක් ඇතුළත විශ්‍රාම වැටුප් විෂමතා විසඳීමට යෝජනා මෙවර අයවැයට ඇතුළත් කරන බව ද ජනාධිපතිතුමා අනාවරණය කළේය.


රාජ්‍ය සේවයේ පිරිවැය ඵලදායි ලෙස කළමනාකරණය කරමින් එය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය.


රාජ්‍ය සේවය තුළ දැනට පවතින පුරප්පාඩු 30,000ක් පමණ පිරවීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු වූ අතර, ඉදිරි අයවැයේදී මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. රාජ්‍ය සේවය තුළ ඒකාබද්ධ මානව සම්පත් කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුළු තාක්ෂණික ක්‍රියා පටිපාටි හේතුවෙන් බඳවා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, අලි මිනිස් ගැටුම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.


අනුරාධපුරය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා "සිටි සන්නාම" ප්‍රවේශය ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන ලදී.


දැනටමත් සැලකිය යුතු දේශීය සංචාරකයින් පිරිසක් ආකර්ශනය වන මෙම නගරය විදේශීය සංචාරකයින්ද ආකර්ශනය කර ගැනීමේ විශිෂ්ට හැකියාවක් ඇති නගරයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය සහ පළමු ජලාශය පිහිටි ස්ථානය ලෙස, නගරයේ ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම ගෝලීය වශයෙන් තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකිය.


ධනාත්මක සමාජ ආකල්ප වර්ධනය කර යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.


මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කමිටු සභාපති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා; ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න මහතා, ආචාර්ය සේන නානායක්කාර මහතා නීතිඥ භාග්‍ය ​​ශ්‍රී හේරත් මහතා සහ තිළිණ සමරකෝන් මහතා; පී.ඩී.එන්.කේ. පලිහේන; රෝහණ බණ්ඩාර මහතා; උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර; සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටියහ.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page