නව පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනි දා පෙ.ව. 10:00 ට රැස් කරවීමට නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එම ප්‍රකාශය තුළ, “මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක, මෙම ප්‍රකාශය මඟින් පාර්ලිමේන්තුව 2024 වර්ෂයේ නොවැම්බර් මස 21 වන දා , පෙ.ව. 10.00 ට, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගර්භයේ දී රැස් කරන ලෙස කැඳවමි,” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මෙම නිවේදනය ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කර ඇති අතර, මෙම මාසයේදී අලුත් පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භය සනිටුහන් කරයි.










































Comments