නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට...
- admin928749
- Apr 4
- 1 min read

සිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයේදී දෙරට අතර බහුවිධ ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරයට පෙර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ තම ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් අනතුරුව මෙම සංචාරය සිදුවන බවත්ය.
"තායිලන්තයේ සිට, මම අප්‍රේල් 04-06 දක්වා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙමි. මෙය පසුගිය දෙසැම්බරයේ දී ජනාධිපති දිසානායකගේ අති සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුවයි", ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද, ‘සාමූහික අනාගතයක් සඳහා හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම’ යන ඒකාබද්ධ දැක්ම මත ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩිදුර මාර්ගෝපදේශ සැපයීමට දෙරටට අවස්ථාව ලැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"මෙම සංචාරයන් අතීතයේ පදනම් මත ගොඩනැගෙන අපගේ ජනතාවගේ සහ පුළුල් කලාපයේ ප්‍රයෝජනය සඳහා අපගේ සමීප සබඳතා ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි මට විශ්වාසයි", ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.






































Comments