top of page
aus-lanka-news-logo.png
309828967_199100215815982_5308179336467153162_n.jpg
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ජල මාර්ග හරහා සංචාරක හා මගී ප්‍රවාහනය ප්‍රවර්ධනයට රජයේ අනුමැතිය...

  • admin928749
  • Apr 23
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - HamiltonCanalNegombo
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


රජය පවසන පරිදි ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රවලින් සහ ජල ප්‍රවාහයන්ගෙන් පිරුණු දිවයිනක් බැවින් සංචාරක කර්මාන්තය සහ නාගරික මගී ප්‍රවාහනය දියුණු කිරීම සඳහා මෙම සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීමේ හැකියාව පවතී.


ඒ අනුව දිවයිනේ සහ වෙරළ තීරයේ පවතින ජල ප්‍රවාහයන් යොදා ගනිමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.


පුත්තලම-කොටුව, කොටුව-ගාල්ල සහ ගාල්ල-මාතර අතර වෙරළබඩ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමටත් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය තුළින් සංචාරක හා මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමටත් යෝජිතය.


තවද, හැමිල්ටන් ඇළ, බෙර වැව, දියවන්නා ඔය සහ මාදු ගඟ වැනි විභව ජල මූලාශ්‍ර යොදා ගනිමින් අභ්‍යන්තර ජල සම්පත් පහසුකම් ලබා දීමෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.


ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමටත් ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵල මත යෝජිත ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
winlads.jpg
bottom of page