top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

ගුවන් සේවිකාවකට අතවර කිරීමට උත්සාහ කළ විදේශිකයා අත්අඩංගුවට...

Mar 13, 2025
1 min read


ශ්‍රී ලංකන් ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 65 හැවිරිදි මගියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් ස්වීඩන් ජාතික සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත.


වාර්තා වන අන්දමට සැකකරු මාර්තු 11 වන දින ඉන්දියාවේ මුම්බායි සිට ගමන් කරමින් සිටියදී UL 14 දරණ ගුවන් යානයෙන් අද අලුයම කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.


එම අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිටි සැකකරු ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීමට ද උත්සාහ කළ අතර අනෙක් මගීන් අපහසුතාවට පත්වන අයුරින් හැසිරුණු බවට චෝදනා එල්ල වී තිබේ.


සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගුවන්තොටුපළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
News Website Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page