top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ලබන වසර වන විට රාජ්‍ය සේවකයන්ට නිශ්චිත වැටුප් වැඩිවීමක්...

  • admin928749
  • Dec 26, 2024
  • 1 min read

ree

ලබන වසර වන විට ගුරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නිශ්චිත වැටුප් වැඩිවීමක් සිදුවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වැටුප් වර්ධක පිළිබඳ සම්පූර්ණ තොරතුරු 2025 අයවැය යෝජනාවලට ඇතුළත් කරන බවයි.


"අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි තකා නොව රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ ජනතාව සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව කවුරුත් දන්නා නිසයි. පවතින වැටුප් ප්‍රමාණවත් නැහැ," ඔහු පැහැදිලි කළේය.


වැටුප් වැඩිකිරීම කාලීන අවශ්‍යතාවක් බවද ප්‍රනාන්දු මහතා පැවසීය.


"අපි කවුරුත් දන්නා පරිදි පසුගිය රජය රටේ ආර්ථිකයට විශාල හානියක් කළා. වගකිවයුතු පාලනයක් විදියට ජනතාවට පටි තද කරගෙන 2026 වෙනකම් ඉන්න කියලා සරලව කියන්න බැහැ. අපි එහෙම ප්‍රවේශයක් ගන්නේ නැහැ," ඔහු පැවසීය.


එබැවින් ලබන වසර වන විට නිශ්චිත වැටුප් වැඩිවීමක් පිළිබඳ බලාපොරොත්තුව ජනතාවට තබාගත හැකි බවද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page