top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

වාහන ආනයනය සඳහා විදේශ සංචිත ප්‍රමාණවත් ද??

  • admin928749
  • Dec 20, 2024
  • 1 min read

ree

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ඉලක්ක අභිබවා යමින් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5කට ආසන්න වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.


පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවකදී අදහස් දැක්වූ ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකාව සිය විදේශ සංචිත සාර්ථකව ගොඩනගාගෙන ඇති බව හෙළි කළේය.


ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා අනාවරණය කළේ මේ වන විට ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් වාහන ආනයනය යළි ආරම්භ කිරීමට සිදුව ඇති බවයි.


ජාතියේ විදේශ සංචිතවලට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි වාහන ආනයනය සිදු කරන බවට ඔහු වැඩිදුරටත් සහතික විය.


සුදුසු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් වාහන ආනයනය පාලනය කිරීමට හැකිවන බව ද ආචාර්ය වීරසිංහ අවධාරණය කළේය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page