1162 results found with an empty search
- ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක්
2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ජයහිමි කර ගත්තේය. ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 කි. ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වුණේ මනාප ඡන්ද ගණන් කළ පළමු අවස්ථාව ලෙසය. 2024 ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග කළ මැතිවරණය වන අතර ඊට තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 39කි. නාම යෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණයට පෙර මිය යෑම හේතුවෙන් සැබෑ ලෙසම මැතිවරණයට තරග කළේ අපේක්ෂකයින් 38 දෙනෙකු පමණි. මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ සමගි ජනබලෙව්ගය නායක සජිත් ප්‍රේමදාසය. අනුර කුමාර දිසානායකගෙන් පණිවුඩයක් "සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ." "ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය." "අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි." "සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුස්ලිමානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!" - අනුර කුමාර දිසානායක -
- කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැහැ. මනාප ගණන් කිරීම ඇරඹේ’ - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒ අනුව තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බවය. ඒ අනුව අනුර කුමාර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරන බව ඔහු පැවසීය. එසේ ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ දෙවන හා තුන්වන මනාපය තරගයේ සිටින අපේක්ෂකයින්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය.
- ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන්. අමාත්‍ය අලී සබ්රිගෙන් අනුර කුමාර දිසානායකට සුබ පැතුම්. සැප්තැම්බර් 21 වැනිදා රාත්‍රි 10 සිට බල පැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද (සැප්තැම්බර් 22 වැනිදා) දහවල් 12 දක්වා දීර්ඝ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පැවසීය. සැප්තැම්බර් 23 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කළේය.
- රනිල් වික්‍රමසිංහ: ජනපති වී වසර 2යි; පාර්ලිමේන්තුවේ පනත් 90ක් සම්මතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ. ඇතැමුන් ඔහු ‘රනිල් රාජපක්ෂ’ ලෙස හඳුන්වයි. තවත් සමහරෙක් ඔහුට 'පිං ජනපති' ලෙස ද විවේචන කරති . අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ එම ධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතාම අභියෝගාත්මක කාල වකවානුවක් බව නොරහසකි. ඒ වන විටත් ගාලු මුවදොර පිටියේ මෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මහජනතාව සිස්ටම් ‘චේන්ජ්’ එකක් අවශ්‍ය බව පවසමින් විරෝධතා හා උද්ඝෝෂණ කරමින් කඳවුරු බැඳ සිටියහ. 'හුණු වටයේ කතාවෙන් ඇරඹුණු ගමන' ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
- පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?
ආසියාවේ කාන්තා ක්‍රිකට් කිරුළේ හිමිකාරිණියන් කවුදැයි තීරණය කෙරෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජුලි 19) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදීමට නියමිතය. 2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී අනුශුරියන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පිවිසෙන්නේ සාර්ථක තරගාවලි කිහිපයකදී ලද ජයග්‍රාහි මානසිකත්වයෙන්ය.
- ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?
‘සමාජ සම්මුතිය පාලකයා විසින් ඉරා දමනු ලබන්නේ නම්, ජනතාවට විප්ලව කිරීමේ අයිතිය ලැබෙන බව ජෝන් ලෝක් කියන බ්‍රිතාන්‍ය ජාතික සමාජ සම්මුතිවාදී චින්තකයා කියල තියෙනවා. එහෙම වෙන්න කියල මම කියන්නෙ නෑ. ඒත්, දිගින් දිගට ම ඡන්දය කල් දැමීම අනතුරකට අත වැනීමක්,’දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ඒ බව පැවසුවේ, ජනාධිපතිවරණය කල් දැමීම සඳහා ක්‍රියාත්මක උත්සහයන් නිරීක්ෂණය කරමිනි. ඡන්දයක් පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විවිධ උත්සහයන්වල නිරත වන බව දක්නට ලැබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ බොහෝ දෙනෙක් පෙන්වා දෙති.
- මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන් සේවා, රෝහල්, මාධ්‍ය සහ බැංකු කටයුතුවලට බලපෑම්
ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක් ඔවුන්ගේ සේවාවලට බලපාන මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක් සම්බන්ධයෙන් වාර්තා කර තිබේ. ඒත් සමග ගුවන් සමාගම් කිහිපයක් ම ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා කරයි. මෙම බිඳ වැටීම හේතුවෙන් සිය හදිසි සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තය අනතුරු අඟවා ඇති අතර ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල්වල කටයුතු අඩපණ වී තිබේ. තාක්ෂණ පද්ධති බිඳ වැටීම හේතුවෙන් රටවල් කිහිපයක ම මාධ්‍ය ආයතන තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටි අතර එක්සත් රාජධානියේ ස්කයි නිවුස් ආයතනයේ විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට පවා සිදු විය. බිඳ වැටීමට හේතුව අපැහැදිලි නමුත් බලපෑමට ලක් වූ බොහෝ දෙනෙකු පැවසුවේ, එය මයික්‍රෝසොෆ්ට් පරිගණක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව හටගත් බව ය.
- නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (ජුලි 24 වැනිදා) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගුවන් නියමුවා මාරක ගුවන් අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වේ. ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පෝකාරා වෙත ගමන් කරමින් තිබූ සෞර්යා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගලයන් 19 දෙනෙකු පමණ සිට ඇත. සෞර්යා ගුවන් සේවයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මෙම ගුවන් යානයේ සිට ඇති අතර එය පරීක්ෂණ ගුවන් ගමනක නිරත වන අතරතුර අනතුරට ලක්ව තිබේ.
- සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?
ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගතකම පිළිබඳව ය. වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, බොහෝ දියුණු රටවල් දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රම අනුගමනය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. බොහෝවිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන සුලභ චෝදනාවක් වනුයේ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගැයීම වෙනුවට ඔවුන්ගේ මතක ශක්තිය මැන බැලෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ය. මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වසරේ මුල් වාරයේ සිට ක්‍රියාත්මක කරන බව ය. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවා ද? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සෑම දරුවකුට ම අවුරුදු 17දී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ යටතේ, පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර ඇති අතර, ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරිත්වය අඩු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.
- කමලා හැරිස්ගේ තරග සහකරු කවුරුන් විය හැකි ද?
2024 මැතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට තමන් වෙනුවට උප-ජනාධිපති කමලා හැරිස් පත් කිරීම අනුමත කරමින් සිය දෙවන වර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා නිවේදනය කළේ ය. කමලා හැරිස් තවමත් නිල වශයෙන් නම් කර නොමැති අතර, ප්‍රවේශය හිමි වන්නේ කාට ද? යන්න නිල වශයෙන් තහවුරු කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයින් ලබන මාසයේ චිකාගෝහි පැවැත්වෙන සමුළුවකදී ඡන්දය ප්‍රකාශ කරන විට ඇයට තරග සහකරුවෙකු අවශ්‍ය වනු ඇත. ඓතිහාසික වශයෙන්, උප-සභාපතිවරුන් අපේක්ෂකයෙකුට අනුපූරකයෙකු ලෙස තෝරා ගනු ලබන අතර, විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ එම හේතුව නිසා ඇය ජයග්‍රහණය පක්ෂ දෙකට ම විවෘතව පවතින ප්‍රාන්තයක සුදු ජාතිකයෙකු තෝරා ගනු ඇති බව ය. එම නම් ලැයිස්තුවේ පහත දැක්වෙන නම් ඇතැයි වාර්තා වේ.











