කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැහැ. මනාප ගණන් කිරීම ඇරඹේ’ - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
- Dhanuka Kaluarachchi
- Sep 22, 2024
- 1 min read

2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒ අනුව තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බවය.
ඒ අනුව අනුර කුමාර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරන බව ඔහු පැවසීය.
එසේ ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ දෙවන හා තුන්වන මනාපය තරගයේ සිටින අපේක්ෂකයින්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය.






































Comments