top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන් සේවා, රෝහල්, මාධ්‍ය සහ බැංකු කටයුතුවලට බලපෑම්

  • Dhanuka Kaluarachchi
  • Jul 19, 2024
  • 1 min read

Updated: Jul 28, 2024


ree

ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක් ඔවුන්ගේ සේවාවලට බලපාන මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක් සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.

ඒත් සමග ගුවන් සමාගම් කිහිපයක් ම ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා කරයි.

මෙම බිඳ වැටීම හේතුවෙන් සිය හදිසි සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තය අනතුරු අඟවා ඇති අතර ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල්වල කටයුතු අඩපණ වී තිබේ. තාක්ෂණ පද්ධති බිඳ වැටීම හේතුවෙන් රටවල් කිහිපයක ම මාධ්‍ය ආයතන තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටි අතර එක්සත් රාජධානියේ ස්කයි නිවුස් ආයතනයේ විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට පවා සිදු විය.

බිඳ වැටීමට හේතුව අපැහැදිලි නමුත් බලපෑමට ලක් වූ බොහෝ දෙනෙකු පැවසුවේ, එය මයික්‍රෝසොෆ්ට් පරිගණක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව හටගත් බව ය.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page