828 results found with an empty search
- මෛත්‍රීපාල සහ පූජිත පාස්කු ප්‍රහාර මූලික අයිතිවාසිකම් නඩුවෙන් මුදා හැරියේ ඇයි?
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි, නීතිපතිවරයා විසින් අද (සැප්තැම්බර් 24 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය. ඒ,පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව අධිකරණය නියම කරන ලද රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම හේතුවෙනි. එම කරුණ සලකා බැලූ අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනට ලබන ඔක්තෝම්බර් මස 7 වැනිදා පුද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නියම වූ රුපියල් මිලියන 100 ක වන්දිය සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දිය ඔවුන් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇතැයි දැනුම් දුන්නේය. ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද තහවුරු කළේය. එහෙත් අදාළ පෙත්සම්වල තවත් වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දියෙන් ඔහු විසින් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 10 ක් පමණක් බවත් තවත් රුපියල් මිලියන 65 ක් ඔහු විසින් ගෙවීමට තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් මීට පෙර අධිකරණය කළ නියෝගයට අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාපත්‍ර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය. ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසුයි මෙහිදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා තිබෙන අතර ඔහුගේ මාසික වැටුප රුපියල් 127000ක් පමණක් බව සඳහන් කළේය. ඉන් ඔහුට ගෙවිය හැක්කේ මාසිකව රුපියල් 40000/- ක මුදලක් පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. මෙම තත්ත්වය යටතේ අධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75 ක වන්දි මුදලින් ඔහුට ගෙවිය හැක්කේ රුපියල් මිලියන 10 ක් පමණක් බවත් ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව ඔහුට අපහසු කාර්යයක් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. අධිකරණ නියෝග පරිදි සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තම සේවා දායකයා තුළ නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය. එබැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් සානුකම්පිතව කරුණු සලකා බලන ලෙසත්, නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අග විනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ අතර ඒ අනුව ඔහුට ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු 9.30 ට අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධීවරයාට නියෝග කළේය. අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් පැවසීය. හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේ එම විනය පරීක්ෂණය සිදුකෙරෙන බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව විනය පරීක්ෂණය දින හයක් පවත්වා සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය. එහෙත් එම කමිටුවේ සාමාජික හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්ත පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීම් ලැබ සිටින හෙයින් එම පුරප්පාඩ වූ තනතුර වෙනුවෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිසමෙන් මහාධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනයක් කැඳවා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටියේ ය. වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මෙම නඩුකරය හරහා නියම වූ වන්දි මුදල්වලින් රුපියල් මිලියන 246 ක් හානි පූර්ණ කාර්යාලයට ලැබී තිබෙන අතර ඉන් රුපියල් මිලියන 62 ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් ගෙවීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. මෙහිදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වන්දි ගෙවීම සඳහා පියවර ගැනුණු වින්දිතයින්ගේ නාම ලේඛනයක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් කොළඹ සහ මීගමුව දිසා අධිකරණවල නඩු තුන්සියයක් පමණ ගොනුකර තිබෙන බවත් අදාළ නාම ලේඛනය ලබාදෙන්නේ නම් වන්දි හිමිවූ පුද්ගලයින්ට එම නඩු ඉවත් කර ගැනීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සඳහන් කර සිටියේ ය. මෛත්‍රීපාල සහ පූජිත නඩු කටයුතු වලින් මුදා හරී අධිකරණ නියෝග පරිදි වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන සහ පූජිත ජයසුන්දර මෙම නඩු කටයුතු වලින් මුදා හැරීමටද විනිසුරු මඩුල්ල නියම කළේය. එසේම අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නියම වූ රුපියල් මිලියන 50 ක වන්දිය සහ හිටපු ජාතික බුද්ධි ප්‍රදානී සිසිර මෙන්ඩිස්ට නියම වූ රුපියල් මිලියන 10ක වන්දිය ඔවුන් විසින් මීට පෙර ගෙවා අවසන් කර තිබුණි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, කතෝලික පූජකවරුන්, සිද්ධියෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි. හේමසිරි ප්‍රනාන්දු සහ සිසිර මෙන්ඩිස් මීට පෙර අදාළ වන්දි ගෙවා අවසන් කිරීම හේතුවෙන් නඩු කටයුතු වලින් මුදා හැරුණි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ පවතින සෙසු නඩු මොනවාද? පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මේ දක්වා නඩු පවරා ඇත්තේ කාටද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණවල විභාගවන නඩු මොනවා ද? චෝදනා 23270 යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270 යටතේය. විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කරනු ලැබ තිබේ. නඩුවේ විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් ( අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා ), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් ( අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් ( අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් ( අබු නන්ජියාර්), යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා , මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අය නම් කර සිටිති. ඔවුහූ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. නඩුවට අදාළ චෝදනා මේ වන විට සම්පූර්ණයෙන්ම විත්තිකරුවන්ට කියවා දී අවසන් කොට ඇති අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී. වන්දි නඩු 290ක් මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ හානිය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 108 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබීය. එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස එවකට අග්‍රමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණද ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් පස් වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි හෙයින් ඔහු මුදා හැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබුණි. නඩුවේ ප්‍රධාන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් එම නඩු වලින් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළත් කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන නොමැති බැවින් තමන්ව එම නඩු වලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කොළඹ දිසාඅධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පවත්වාගෙන යාමට තීන්දු කරනු ලැබීය. තීන්දුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ ද අධිකරණය විසින් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා නඩු 182 ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ. එම නඩු වල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය නම් කර ඇති අතර එම නඩු ද මේ වනවිට විභාග වෙමින් ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, ඇතුලු චෝදනාවලට අදාළ නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850 බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙනම නඩු දෙකක් ගොනු කර තිබුණි. එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව දෝෂ සහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් තිබේ. මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව විසින් මේ පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණි. පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලැබීය. එම වන්දි මුදල, තීන්දුව ලබා දුන් ජනවාරි මස 12 වනදා සිට සිට මාස හයක කාලසීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් රජයට නියෝග කර තිබුණි. එහෙත් තමන්ට ගෙවන ලෙස නියම කර තිබෙන රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 15 ක මුදලක් පමණි. ඉතිරි වන්දි මුදල් වාර්ෂිකව රුපියල් ලක්ෂ 85 බැගින් 2024 වසරේ ජූනි මස 30 වන දා සිට ඉදිරි වසර 10 තුළ ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණි මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වග උත්තර කරුවන් හා රජය අපහොසත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය නීතීඥ ශමිල් පෙරේරා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබීය. ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස මිනීමැරීම, රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් ජනවාරි මස ගොනු කෙරුණි. සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් වූ පුද්ගලයෙක් එම පෞද්ගලික පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ. එම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණි. තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බැවින් එම නඩුව විභාගයට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ මේ වනවිට විභාග වෙමින් පවතින අතර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ. ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තවත් නඩුවක් ගොනු කර ඇත. එම නඩුවද මේ වන විටත් විභාග වෙමින් පවතී. ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු දනිමින් ඒවා ආරක්ෂක අංශ වලට වසන් කළේ යැයි චෝදනා කරමින් දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු ට එරෙහිව ද මේ වන විට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. එම නඩුවට අදාළ චෝදනා විත්තිකරුවන්ට භාරදී ඇති අතර එම නඩුව ද විභාගය ද නියම කර ඇත. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් යනු පාස්කු ඉරුදින ෂැංග්‍රී-ලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වල දී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන් බව කියන ඉන්ෆාස් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන අයගේ පියා බවත් නඩු විභාගයේදී අනාවරණය විය. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් 2021 වසරේ අප්‍රේල් මස 26 වැනිදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. පසුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සහෝදරයා මුදා හැරීමටද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
- අනුර කුමාර හෙට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානම්
කොළඹ, සැප්තැම්බර් 22 ( Daily Mirror ) - 2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙන් පසු, හෙට පෙරවරුවේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සරල උත්සවයකදී දිසානායක මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි ඩේලි මිරර් වෙත වාර්තා වෙයි.
- ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක්
2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ජයහිමි කර ගත්තේය. ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 කි. ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වුණේ මනාප ඡන්ද ගණන් කළ පළමු අවස්ථාව ලෙසය. 2024 ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග කළ මැතිවරණය වන අතර ඊට තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 39කි. නාම යෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණයට පෙර මිය යෑම හේතුවෙන් සැබෑ ලෙසම මැතිවරණයට තරග කළේ අපේක්ෂකයින් 38 දෙනෙකු පමණි. මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ සමගි ජනබලෙව්ගය නායක සජිත් ප්‍රේමදාසය. අනුර කුමාර දිසානායකගෙන් පණිවුඩයක් "සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ." "ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය." "අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි." "සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුස්ලිමානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!" - අනුර කුමාර දිසානායක -
- කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැහැ. මනාප ගණන් කිරීම ඇරඹේ’ - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒ අනුව තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බවය. ඒ අනුව අනුර කුමාර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරන බව ඔහු පැවසීය. එසේ ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ දෙවන හා තුන්වන මනාපය තරගයේ සිටින අපේක්ෂකයින්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය.
- ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන්. අමාත්‍ය අලී සබ්රිගෙන් අනුර කුමාර දිසානායකට සුබ පැතුම්. සැප්තැම්බර් 21 වැනිදා රාත්‍රි 10 සිට බල පැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය අද (සැප්තැම්බර් 22 වැනිදා) දහවල් 12 දක්වා දීර්ඝ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පැවසීය. සැප්තැම්බර් 23 (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කළේය.
- රනිල් වික්‍රමසිංහ: ජනපති වී වසර 2යි; පාර්ලිමේන්තුවේ පනත් 90ක් සම්මතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ. ඇතැමුන් ඔහු ‘රනිල් රාජපක්ෂ’ ලෙස හඳුන්වයි. තවත් සමහරෙක් ඔහුට 'පිං ජනපති' ලෙස ද විවේචන කරති . අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ එම ධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතාම අභියෝගාත්මක කාල වකවානුවක් බව නොරහසකි. ඒ වන විටත් ගාලු මුවදොර පිටියේ මෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මහජනතාව සිස්ටම් ‘චේන්ජ්’ එකක් අවශ්‍ය බව පවසමින් විරෝධතා හා උද්ඝෝෂණ කරමින් කඳවුරු බැඳ සිටියහ. 'හුණු වටයේ කතාවෙන් ඇරඹුණු ගමන' ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
- පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?
ආසියාවේ කාන්තා ක්‍රිකට් කිරුළේ හිමිකාරිණියන් කවුදැයි තීරණය කෙරෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජුලි 19) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදීමට නියමිතය. 2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී අනුශුරියන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පිවිසෙන්නේ සාර්ථක තරගාවලි කිහිපයකදී ලද ජයග්‍රාහි මානසිකත්වයෙන්ය.
- ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?
‘සමාජ සම්මුතිය පාලකයා විසින් ඉරා දමනු ලබන්නේ නම්, ජනතාවට විප්ලව කිරීමේ අයිතිය ලැබෙන බව ජෝන් ලෝක් කියන බ්‍රිතාන්‍ය ජාතික සමාජ සම්මුතිවාදී චින්තකයා කියල තියෙනවා. එහෙම වෙන්න කියල මම කියන්නෙ නෑ. ඒත්, දිගින් දිගට ම ඡන්දය කල් දැමීම අනතුරකට අත වැනීමක්,’දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ඒ බව පැවසුවේ, ජනාධිපතිවරණය කල් දැමීම සඳහා ක්‍රියාත්මක උත්සහයන් නිරීක්ෂණය කරමිනි. ඡන්දයක් පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විවිධ උත්සහයන්වල නිරත වන බව දක්නට ලැබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ බොහෝ දෙනෙක් පෙන්වා දෙති.
- මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන් සේවා, රෝහල්, මාධ්‍ය සහ බැංකු කටයුතුවලට බලපෑම්
ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක් ඔවුන්ගේ සේවාවලට බලපාන මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක් සම්බන්ධයෙන් වාර්තා කර තිබේ. ඒත් සමග ගුවන් සමාගම් කිහිපයක් ම ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා කරයි. මෙම බිඳ වැටීම හේතුවෙන් සිය හදිසි සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තය අනතුරු අඟවා ඇති අතර ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල්වල කටයුතු අඩපණ වී තිබේ. තාක්ෂණ පද්ධති බිඳ වැටීම හේතුවෙන් රටවල් කිහිපයක ම මාධ්‍ය ආයතන තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටි අතර එක්සත් රාජධානියේ ස්කයි නිවුස් ආයතනයේ විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට පවා සිදු විය. බිඳ වැටීමට හේතුව අපැහැදිලි නමුත් බලපෑමට ලක් වූ බොහෝ දෙනෙකු පැවසුවේ, එය මයික්‍රෝසොෆ්ට් පරිගණක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව හටගත් බව ය.
- කමලා හැරිස්ගේ තරග සහකරු කවුරුන් විය හැකි ද?
2024 මැතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට තමන් වෙනුවට උප-ජනාධිපති කමලා හැරිස් පත් කිරීම අනුමත කරමින් සිය දෙවන වර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා නිවේදනය කළේ ය. කමලා හැරිස් තවමත් නිල වශයෙන් නම් කර නොමැති අතර, ප්‍රවේශය හිමි වන්නේ කාට ද? යන්න නිල වශයෙන් තහවුරු කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයින් ලබන මාසයේ චිකාගෝහි පැවැත්වෙන සමුළුවකදී ඡන්දය ප්‍රකාශ කරන විට ඇයට තරග සහකරුවෙකු අවශ්‍ය වනු ඇත. ඓතිහාසික වශයෙන්, උප-සභාපතිවරුන් අපේක්ෂකයෙකුට අනුපූරකයෙකු ලෙස තෝරා ගනු ලබන අතර, විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ එම හේතුව නිසා ඇය ජයග්‍රහණය පක්ෂ දෙකට ම විවෘතව පවතින ප්‍රාන්තයක සුදු ජාතිකයෙකු තෝරා ගනු ඇති බව ය. එම නම් ලැයිස්තුවේ පහත දැක්වෙන නම් ඇතැයි වාර්තා වේ.
- නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (ජුලි 24 වැනිදා) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගුවන් නියමුවා මාරක ගුවන් අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වේ. ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පෝකාරා වෙත ගමන් කරමින් තිබූ සෞර්යා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගලයන් 19 දෙනෙකු පමණ සිට ඇත. සෞර්යා ගුවන් සේවයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මෙම ගුවන් යානයේ සිට ඇති අතර එය පරීක්ෂණ ගුවන් ගමනක නිරත වන අතරතුර අනතුරට ලක්ව තිබේ.
- සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?
ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගතකම පිළිබඳව ය. වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, බොහෝ දියුණු රටවල් දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රම අනුගමනය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. බොහෝවිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන සුලභ චෝදනාවක් වනුයේ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගැයීම වෙනුවට ඔවුන්ගේ මතක ශක්තිය මැන බැලෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ය. මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වසරේ මුල් වාරයේ සිට ක්‍රියාත්මක කරන බව ය. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවා ද? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සෑම දරුවකුට ම අවුරුදු 17දී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ යටතේ, පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර ඇති අතර, ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරිත්වය අඩු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.