top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

හෙන්ලි දර්ශකයේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයට 2014න් පසු ඉහළම තැන...

  • Jul 23
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - Sri Lanka Passport Hits Highest Henley Index Rank Since 2014
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ 2026 ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 94 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය 2014 වසරෙන් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම ස්ථානය බවට පත්ව තිබේ.


නවතම දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලොව පුරා රටවල් අතර 94 වැනි ස්ථානයේ ශ්‍රේණිගත කර ඇති අතර, එහි හිමිකරුවන්ට පෙර වීසා ලබා ගැනීමකින් තොරව හෝ ගමනාන්තයට පැමිණීමේදී වීසා ලබා ගැනීමේ පහසුකම සහිත රටවල් සහ ප්‍රදේශ 39කට ප්‍රවේශ වීමේ හැකියාව පවතී. මෙම ස්ථානයේදී ශ්‍රී ලංකාව ලිබියාව සමඟ සම තත්ත්වයේ පසුවේ.


2026 වසරේ ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව 2025 වසරේ හිමිවූ 97 වැනි ස්ථානයේ සිට 94 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, 2014 වසරේදී හිමිවූ 88 වැනි ස්ථානයෙන් පසු වාර්තා කළ හොඳම ප්‍රගතිය මෙය වේ.


2021 වසරේදී 107 වැනි ස්ථානය දක්වා පහත වැටුණු ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව වාර්ෂික දර්ශකයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් 2022දී 102 වැනි ස්ථානයටත්, 2023දී 100 වැනි ස්ථානයටත්, 2024දී 96 වැනි ස්ථානයටත්, 2025දී 97 වැනි ස්ථානයටත් සහ 2026දී 94 වැනි ස්ථානයටත් පැමිණ තිබේ.


ලොව ප්‍රමුඛතම ගමන් බලපත්‍ර ශක්ති දර්ශකයක් ලෙස සැලකෙන හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකය, පෙර වීසා ලබා ගැනීමකින් තොරව ගමන් කළ හැකි ගමනාන්ත සංඛ්‍යාව මත පදනම්ව ගමන් බලපත්‍ර 199ක් ශ්‍රේණිගත කරයි.


මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී දත්ත භාවිත කරන අතර, ලෝකයේ සංචාරක ප්‍රවේශ අවස්ථාවන්හි සිදුවන වෙනස්කම් පිළිබිඹු වන පරිදි එය නිතිපතා යාවත්කාලීන කරනු ලබයි.


2026 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය : https://cdn.henleyglobal.com/storage/app/media/HPI/Henley%20Passport%20Index%202026%20July%20Global%20Ranking.pdf


More updates to come on AusNewsLanka.


Source - Newswire

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page