ආනයන බදු වෙනස්වීමත් සමඟ වාහන මිලෙහි වෙනසක්...
- admin928749
- Jan 10
- 1 min read

දැනට පවතින වාහන ආනයනය සඳහා පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් වෙළෙඳපොළේ වාහනවල විකුණුම් මිල කෙරෙහි ද බලපෑමක් එල්ල වන බව වාහන ආනයනකරුවන් පවසයි.
පවතින බදු අනුපාත යටතේ වාහන ආනයනය නැවත ආරම්භ වූ පසු ඇස්තමේන්තුගත මිල ගණන් ගණනය කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, රජය බදු අනුපාත වැඩි කළහොත් වාහන මිල ද ඉබේම ඉහළ යන අතර බදු අනුපාත අඩු කිරීම මිල අඩුවීමට හේතු වන බව ඔවුහු සඳහන් කළහ.
දැනට දේශීය වෙළෙඳපොළේ ජපන් මෝටර් රථයක් සඳහා අයකරනු ලබන බදු මුදල එහි නිෂ්පාදන මිලෙන් ආසන්න වශයෙන් 300% කි.
ආනයන සීමා කිරීම් හේතුවෙන් සැපයුම අඩුවීම හේතුවෙන් භාවිත කරන ලද වාහනවල මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් වාහන ආනයනය නැවත ආරම්භ වීමත් සමඟ සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි සංගමය විශ්වාසය පළ කළේය.






































Comments