2025 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් 800,000 ඉක්මවයි...
- admin928749
- Apr 18
- 1 min read

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අනුව අප්‍රේල් මාසයේ මුල් දින පහළොව තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 93,915කි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 18,220 ක් පැමිණ ඇති අතර එය 19.4% කි.
තවද, එක්සත් රාජධානියෙන් 11,425 ක්, රුසියාවෙන් 8,705 ක්, ඕස්ට්‍රේලියාවෙන් 6,604 ක් සහ ජර්මානු ජාතිකයන් 7,746 ක් ද අප්‍රේල් මාසයේ මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
අප්‍රේල් මාසයේ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 816,191 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් අතර පුද්ගලයන් 136,535 දෙනෙකු ඉන්දියාවෙන් ද 102,273 ක් රුසියාවෙන් ද 81,130 ක් එක්සත් රාජධානියෙන් ද වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සඳහන් කරයි.
මාර්තු මාසයේදී විදේශිකයන් 229,298ක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 මාර්තු මාසයේ දත්ත හා සැසඳීමේ දී 9.62%ක වැඩිවීමකි.









































Comments