top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ ලියාපදිංචිය ඇරඹේ...

  • Dec 3, 2024
  • 1 min read


වාහන ආනයන තහනම ඉවත් කිරීමේ අවස්ථාව සමඟ Toyota Lanka (Private) Limited විසින් නව වාහන මිලදී ගැනීමට උනන්දුවක් ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවට වාර්තා වේ.


2025 Toyota Brand New Lineup සඳහා මෙම ලියාපදිංචි ක්‍රියාකාරකම ආරම්භ කර ඇති අතර, ආකර්ෂණීය මිල ගණන් සහ තාක්ෂණික විශේෂාංගය සමඟ නව Toyota රථ අත්විඳීමට පාරිභෝගිකයින්ට පුළුවන් වේ.


සමාගමේ නිල Facebook පිටුවේ නිවේදනයක් මඟින් වත්මන් විනිමය අනුපාතිකය යටතේ මිල ගණන් ඇස්තමේන්තු පළ කර ඇති අතර, එම මිල ගණන්ට VAT බද්ද ඇතුළත් නොවේ.


පෙර වෙන්කරවා ගැනීම සඳහා ලියාපදිංචි වීමට QR කේතයක් පරිලෝකනය කිරීමෙන් හෝ Toyota Lanka වෙබ් පිටුවේ ලබා දී ඇති සබැඳිය භාවිතා කළ හැක.


මේ සම්බන්ධයෙන් Toyota Lanka අවධාරණය කරන්නේ, මෙය අත්තිකාරම් ගෙවීමකින් තොරව සිදු කළ හැකි ක්‍රියාවලියක් වන අතර, ලොව විශ්වාසදායකතම වාහන සන්නාමයකට අයත් වාහන අත්විඳීමේ අවස්ථාවක් බවයි.



Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page