ජනපති නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්...
- admin928749
- Feb 27
- 1 min read

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකරනු ලබන සමුද්‍රීය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ප්‍රකාශ කළේය.
නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මුහුදු මාර්ග ඔස්සේ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ගන්නා උත්සාහයන් සහ ගැඹුරු මුහුදේ නිරීක්ෂණ මෙහෙයුම් ඇතුළු රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරුන් ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම හමුවට සහභාගි වූහ.






































Comments