top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

"විදේශගත ශ්‍රමිකයන්ට විදේශ ප්‍රේෂණ බැංකු හරහා එවීමේදී වෙනම බද්දක් අය නොකරේ" - IRD

  • 48 minutes ago
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - No Separate Tax on Expat Workers’ Bank Remittances: IRD
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තමන් නීත්‍යනුකූලව උපයාගත් විදේශ ආදායම් විධිමත් බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීමේදී බදු සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) අවධාරණය කරයි.


බදු අරමුණු සඳහා අදාළ නිර්ණායක සපුරාලන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ බදු නේවාසිකයකු ලෙස සැලකෙන බව ඔහු පැවසීය. එවැනි පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ උපයන ආදායම මෙන්ම විදේශයන්හි උපයන ආදායම සම්බන්ධයෙන්ද බදු ගෙවීමට යටත් විය හැකි බව ඔහු පැහැදිලි කළේය.


කෙසේ වෙතත්, අදාළ තක්සේරු වර්ෂය සඳහා පුද්ගලයකු ශ්‍රී ලංකාවේ බදු නේවාසිකයකු නොවන්නේ නම්, ශ්‍රී ලංකාවෙන් පිටත උපයන ආදායම ශ්‍රී ලංකාවේ ආදායම් බද්දට යටත් නොවන බව මෙනේරිපිටිය මහතා සඳහන් කළේය.


එබැවින් විදේශගත ශ්‍රමිකයන් තම විදේශ ආදායම් බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීමේදී බදු සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ඔහු අවධාරණය කළේය.


“මුදල් ශ්‍රී ලංකාවට එවන පමණින් බැංකු පද්ධතිය හරහා කිසිදු බද්දක් අය කරන්නේ නැහැ,” යැයි ඔහු පැවසීය.


නීත්‍යනුකූලව උපයාගත් විදේශ ආදායම් විධිමත් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙන ඒමටත්, එම මුදල් රට තුළ නීත්‍යනුකූලව ආයෝජනය කිරීමටත් විදේශගත ශ්‍රමිකයන්ට අවස්ථාව පවතින බවද මෙනේරිපිටිය මහතා පෙන්වා දුන්නේය.


බදු සම්බන්ධයෙන් පවතින සැකයන් හේතුවෙන් විධිමත් බැංකු ක්‍රමවේදය වෙනුවට අවිධිමත් හෝ නීතිවිරෝධී මාර්ග භාවිත නොකරන ලෙසද ඔහු විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේය.


අදාළ තක්සේරු වර්ෂය සඳහා පුද්ගලයාගේ බදු නේවාසික තත්ත්වය ඔහුගේ විදේශ ආදායම ශ්‍රී ලංකාවේ බද්දට යටත් වන්නේද යන්න තීරණය කිරීමේ ප්‍රධාන සාධකය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


More updates to come on AusNewsLanka.


Source : Derena News

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page