top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

  • admin928749
  • Nov 18, 2024
  • 1 min read

ree

ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


දිවුරුම් දීමේ උත්සවය අද (18) පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


නව අමාත්‍ය මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර නව නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.


නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.

  1. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය


  2. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය


  3. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය


  4. හර්ෂණ නානායක්කාර - අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය


  5. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය


  6. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය


  7. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය


  8. රාමලිංගම් චන්ද්‍රසේකර් - ධීවර අමාත්‍ය


  9. උපාලි පන්නිලගේ - ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය


  10. සුනිල් හදුන්නෙත්ති - කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය


  11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය


  12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය


  13. හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය


  14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය


  15. සමන්ත විද්‍යාරත්න - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය


  16. සුනිල් කුමාර ගමගේ - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය


  17. වසන්ත සමරසිංහ - වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය


  18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය


  19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය


  20. කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය


  21. ආචාර්ය දම්මික පටබැඳි - පරිසර අමාත්‍ය

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page