ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභදායී කර ගැනීමට නව කළමනාකරණ ව්‍යුහයක්...
- admin928749
- Apr 9
- 1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය වඩාත් ලාභදායී රාජ්‍ය ව්‍යවසායයක් බවට පත් කිරීමේ යෝජනා පිළිබඳවයි. ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවේදී ගුවන් සේවය සඳහා නව ආයෝජන අවස්ථා පිළිබඳව තවදුරටත් සොයා බැලීය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගුවන් සමාගම මෙහෙයුම් ලාභ වාර්තා කර ඇතත්, අතීත වැරදි කළමනාකරණය සහ දුර්වල තීරණ ගැනීම හේතුවෙන්, එය පාඩු ලබන ප්‍රමුඛතම රාජ්‍ය ව්‍යවසායයක් ලෙස පවතී. පසුගිය රජය විසින් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණය ආපසු හැරවීමට වත්මන් රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට, එහි ලාභදායීතාවය ඉදිරියට ගෙන යාම සහතික කිරීම සඳහා නව කළමනාකරණ ව්‍යුහයක් හඳුන්වා දෙමින් එය ජාතික ගුවන් සේවය ලෙස දිගටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළුගල්ල, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.






































Comments