top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට ජනපතිගේ අවධානය...

  • admin928749
  • Jul 9
  • 2 min read

AusNewsLanka - News for Sri Lankans - President's attention to digitizing the IRD
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

2030 වන විට ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ඩිජිටල් ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ශක්තිමත් කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.


මෙම රැස්වීම අතරතුර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ දේශීය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. RAMIS පද්ධතිය තුළ පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ සුදුසු තාක්ෂණික විසඳුම් ලබා දීම කෙරෙහි ද සාකච්ඡා අවධානය යොමු විය. කාර්යක්ෂම බදු පරිපාලනය සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව ජනාධිපති දිසානායක මහතා අවධාරණය කළේය.


බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ගනුදෙනු සඳහා අලෙවිසැල් (POS) යන්ත්‍ර හඳුන්වා දීම ඇතුළු මෙම මුලපිරීමේ මූලික අරමුණු ද සාකච්ඡා කරන ලදී. මෙම පියවර මගින් රටේ බදු පදනම පුළුල් කිරීම සහ මහජනතාවට බදු ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම අපේක්ෂා කෙරේ.


ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් පිහිටුවීම සඳහා වත්මන් රජයේ මැදිහත්වීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ඉලක්ක පහසුවෙන් සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සපයන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළහ.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය රජයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහනේ තීරණාත්මක පියවරක් වන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


සාකච්ඡාවට සහභාගී වූවන් අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, මුදල් අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වූහ.


Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page