2025 අයවැය අවසන් කෙටුම්පත පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්...
- admin928749
- Feb 14
- 1 min read

පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 අයවැය කෙටුම්පත් කිරීමේ අවසන් අදියර පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.






































Comments