top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

ජනාධිපතිගේ ආහාර සුරක්ෂිතතා කමිටු යෝජනාවට කැබිනට් අනුමැතිය...

  • admin928749
  • Dec 11, 2024
  • 1 min read

ree

ජාතික ආහාර සහ පෝෂණ සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට රජය දක්වන කැපවීමට අනුකූලව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ආහාර ප්‍රතිපත්ති සහ ආරක්‍ෂක කමිටුවක් පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ අවම ආහාර අවශ්‍යතා ප්‍රමාණවත් ප්‍රමාණයෙන් සහ ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබාදීම කමිටුවේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ආහාර ප්‍රතිපත්ති සහ ආරක්ෂක කමිටුව පහත සඳහන් ප්‍රධාන අරමුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත.


  • දේශීයව නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර ද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.

  • අවම වශයෙන් මාස තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර සංචිත තොගයක් පවත්වා ගැනීම.

  • රට තුළ පවතින ආහාර තොග පිළිබඳ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම.

  • පුද්ගලික අංශයේ සක්‍රීය සහභාගීත්වය ඇතිව කාර්යක්ෂම නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග සහ සිල්ලර අලෙවිකරණ ක්‍රියාවලීන් සහතික කිරීම මගින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඵලදායී වැඩසටහන් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

  • මෙම ප්‍රමුඛතා මඟින් රට තුළ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාරභාවය සහතික කිරීම සඳහා කමිටුවේ මූලික කාර්යයන් නිර්වචනය කරයි.


ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාගේ සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සම සභාපතිත්වය යටතේ කමිටුවක් පිහිටුවනු ඇත.


මෙම කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත වේ. එහි මූලික කාර්යය වනුයේ විද්‍යාත්මක විශ්ලේෂණ මත පදනම්ව ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැපයීම, අදාළ සියලු ආයතනවල ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව දත්ත සහ තොරතුරු උත්තේජනය කිරීම බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page