top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

දෙසැම්බර් පළමු දින 10 තුළ සංචාරකයින් 70,000ක් ශ්‍රී ලංකාවට...

  • admin928749
  • Dec 17, 2024
  • 1 min read

ree

දෙසැම්බර් මාසයේ මුල් දින 10 ඇතුළත සංචාරකයින් 70,000ක් මෙරටට පැමිණ තිබෙනවා.


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික පරාක්‍රමසිංහ මහතා පැවසුවේ දෙසැම්බර් මාසය අවසන් වන විට ආසන්න වශයෙන් සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බවයි.


වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින්.


මේ වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 19කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.


වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 22ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පරාක්‍රමසිංහ මහතා පවසයි.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page