එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වු හානියට ඩොලර් බිලිනයක වන්දියක් නියම කරයි...
- admin928749
- Jul 25
- 1 min read

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන්, සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් මෙරට රජයට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට නියම කළේ ය.
රසායනික ද්‍රව්‍ය රැගෙන ගිය MV X-Press Peal බහාලුම් නෞකාව 2021 ජුනි මාසයේදී කොළඹින් ඔබ්බට ගිනි ගැනීමෙන් පසු ගිලී ගියේය. මෙම සිදුවීම "ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට පෙර නොවූ විරූ විනාශයක්" ඇති කළ අතර රටේ ආර්ථිකයට, විශේෂයෙන් ධීවර ප්‍රජාවන්ගේ ජීවිතවලට හානි කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.
මෙම ව්‍යසනය හේතුවෙන් කැස්බෑවන් 417 ක්, ඩොල්ෆින් 48 ක්, තල්මසුන් අට දෙනෙකු සහ සිද්ධියෙන් පසු වෙරළට ගසාගෙන ගිය මත්ස්‍ය විශේෂ විශාල සංඛ්‍යාවක් මිය ගිය බව විනිසුරුවරු පැවසූහ. ප්ලාස්ටික් බෑග් සෑදීමට භාවිතා කරන ප්ලාස්ටික් පෙති ටොන් කිහිපයක් ඇතුළුව නෞකාවේ සුන්බුන් වෙරළ තීරයේ දැඩි දූෂණයක් ඇති කළේය.
"මෙම සමුද්‍රීය පාරිසරික ව්‍යසනය ලෝකයේ වාර්තාගත විශාලතම සමුද්‍ර ප්ලාස්ටික් කාන්දුවයි" යනුවෙන් තීන්දුවේ සඳහන් විය. “එහි ප්‍රතිඵලයක් ලෙස විෂ සහිත හා අන්තරායකර ද්‍රව්‍ය සමුද්‍ර පරිසරයට පුළුල් ලෙස මුදා හැරීම, සාගර ජලය විෂ වීම, සමුද්‍ර විශේෂ මරා දැමීම සහ ශාක ප්ලවාංග විනාශ කිරීම සිදු විය."
අදාළ ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, නාලක ගොඩහේවා මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කරමිනි.
තීන්දුව නිකුත් කළ අද සිට වසරක් ඇතුළත අදාල වන්දි මුදල ගෙවන්නැයි නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වන්දි මුදලට අදාළ වාරික මුදලක්, 2025 සැප්තැම්බර් 23 වැනිදා වන විට ගෙවිය යුතු බවට ද නියෝග කළේ ය.
More updates to come on AusNewsLanka.






































Comments