top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
  • Facebook
  • Instagram
  • X
  • Youtube
Blue LOGO Landscape transparent.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg

ජනපතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්...

Dec 16, 2024
1 min read


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.


ඉන්දියාවේ තොරතුරු හා විකාශන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාපයේ අතිරේක ලේකම් පුනීත් අග්‍රවාල්, ප්‍රොටෝකෝල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.


ජනාධිපතිවරයාගේ පැමිණීම ගැන ඉන්දීය මාධ්‍ය විශාල ආවරණයක් ලබා දුන්නා. නවදිල්ලියේ ප්‍රධාන වටරවුම වටා ජනාධිපති දිසානායකගේ සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඡායාරූප ඇතුළත් දැන්වීම් පුවරු ප්‍රමුඛව ප්‍රදර්ශනය කර තිබුණි.


අද රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද එක්ව සිටිති.

 
 
 

Comments


Must Read
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Avertise with us Banner.jpg
Global Creatives Banner.jpg
Aus lanka tickets Banner.jpg
Blue LOGO Landscape transparent.png

Aus News Lanka is your trusted source for the latest news, updates, and stories from Australia and Sri Lanka.
Stay informed with breaking news, business insights, community updates, and more.

© 2026 Aus News Lanka | All Rights Reserved.

  • Instagram
  • Facebook
  • X
  • LinkedIn
  • Youtube
  • TikTok
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png
bottom of page