top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

වාහන ආනයනය කිරීමට කාණ්ඩ 4ක් යටතේ අවසර...

  • admin928749
  • Jan 29
  • 1 min read

ree

වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රය අදාළ වන්නේ වාහන කාණ්ඩ හතරකට පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.


මාධ්‍ය අමතමින් එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ ආසන 25 ට වැඩි බස් රථ, ආසන 10 සිට 16 දක්වා මගී ප්‍රවාහන වෑන් රථ, ද්විත්ව කැබ් රථ සහ ලොරි රථ ආනයනය කිරීමට ගැසට් පත්‍රය මඟින් අවසර ලබා දී ඇති බවයි.


අදාළ චක්‍රලේඛය අද හෝ ඉදිරි දිනවලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම වාහන ආනයනය කිරීමේ තීරුබදු ව්‍යුහයන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් පැවසීය.


කෙසේ වෙතත් පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමේදී ගැසට් පත්‍රය අදාළ නොවන බව පැහැදිළි කළ ඔහු එම නිවේදනය නුදුරේදීම සිදුකරන බවට විශ්වාසය පළ කළේය.


අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ නව රෙගුලාසි ඊයේ නිකුත් කරන ලදී.


2025 අංක 01 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි ලෙස දක්වා ඇති රෙගුලාසි, මෝටර් රථ ආනයනය සඳහා වන තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීමට පහසුකම් සැලසීම අරමුණු කරයි.

Comments


WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page