අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කෙරේ...

අද (28) ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.











































Comments