1226 results found with an empty search
- නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී
නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (ජුලි 24 වැනිදා) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගුවන් නියමුවා මාරක ගුවන් අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වේ. ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පෝකාරා වෙත ගමන් කරමින් තිබූ සෞර්යා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගලයන් 19 දෙනෙකු පමණ සිට ඇත. සෞර්යා ගුවන් සේවයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මෙම ගුවන් යානයේ සිට ඇති අතර එය පරීක්ෂණ ගුවන් ගමනක නිරත වන අතරතුර අනතුරට ලක්ව තිබේ.
- සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?
ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගතකම පිළිබඳව ය. වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, බොහෝ දියුණු රටවල් දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රම අනුගමනය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. බොහෝවිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන සුලභ චෝදනාවක් වනුයේ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගැයීම වෙනුවට ඔවුන්ගේ මතක ශක්තිය මැන බැලෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ය. මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වසරේ මුල් වාරයේ සිට ක්‍රියාත්මක කරන බව ය. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවා ද? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සෑම දරුවකුට ම අවුරුදු 17දී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ යටතේ, පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර ඇති අතර, ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරිත්වය අඩු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.



