සංචාරක ප්‍රවර්ධන කාර්ය සාධක බලකායක් පත් කෙරේ...
- admin928749
- Sep 4
- 1 min read

සංචාරක අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ අලුතින් පිහිටුවන ලද කාර්ය සාධක බලකායේ මංගල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සහ ජාතික ආර්ථිකය සඳහා සෘජු ආදායම් වර්ධනයක් ඇති කිරීම යන ප්‍රධාන අරමුණු දෙකක් ඇතිව මෙම තීරණය ගත් බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
සංචාරක ප්‍රවර්ධන කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අමතමින් ඔහු තවදුරටත් පැවසුවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අදාළ තීරණ ගැනීමට මෙම කාර්ය සාධක බලකායට බලය ලබා දෙන බවයි.
සංචාරක අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආයතන ඒකාබද්ධ රාමුවක් තුළ ක්‍රියාත්මක වන බව සහතික කිරීම මෙන්ම සංචාරකයින් සහ කර්මාන්ත ව්‍යවසායකයින් යන දෙපිරිස මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම කෙරෙහි සාකච්ඡා අවධානය යොමු විය.
රටේ ඉදිරි සංචාරක සමය සාර්ථක කර ගැනීම සඳහා සියලුම රජයේ ආයතන සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් අනාගත සැලසුම් සකස් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.






































Comments