කථානායක ඉල්ලා අස්වෙයි...
- admin928749
- Dec 13, 2024
- 1 min read

කථානායක අශෝක රන්වල මහතා සිය අධ්‍යයන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයෙන් පසු සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රංවල කියා සිටියේ තමන් කිසිදු අසත්‍ය ප්‍රකාශයක් කර නොමැති අතර ඇතැම් ලියකියවිලි නොමැතිවීම හේතුවෙන් තමාගේ අධ්‍යයන වාර්තා සනාථ කිරීමට මේ වන විට නොහැකි වී ඇති බවයි.
"මම මගේ ආචාර්ය උපාධිය ලබාගත් ජපානයේ Waseda විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනවලින් අධ්‍යයන ලේඛන ඉදිරිපත් කිරීමට අදහස් කරමි," ඔහු පැවසීය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ තමන් ඉල්ලා අස්වන බව පැවසූ කථානායකවරයා රජය කෙරෙහි විශ්වාසය තබා සිටින මහජනතාව අපහසුතාවයට පත්කිරීමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය.







































Comments