top of page
309828967_199100215815982_5308179336467153162_n.jpg
aus-lanka-news-logo.png
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

අකුණු සැරයක් නිසා සිඩ්නි බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානය නැවත ආරක්ෂිතව කටුනායකට...

  • Jun 12
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - SriLankan Flight Bound for Sydney Returns Safely Post-Lightning Strike
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අද (12) අලුයම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගමන් අතරතුර අකුණු සැරකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නැවත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) වෙත ගොඩබැස්වීමට සිදුව ඇති බව ගුවන් තොටුපොළ රාජකාරි නිලධාරියෙකු සඳහන් කළේය.


ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-606 දරන ගුවන් යානය අද අලුයම 1.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් සිඩ්නි බලා පිටත්ව ගොස් තිබුණි.


සිද්ධිය සිදුවන අවස්ථාවේ එම පුළුල් දේහ වර්ගයේ Airbus A330 ගුවන් යානයේ මගීන් 217 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.


ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් සහ අකුණු සහිත වැසි හේතුවෙන් ගුවන් යානය ගමන් අතරතුර අකුණු සැරකට ලක්ව ඇති බව වාර්තා වේ.


ඒ අනුව, පූර්වාරක්ෂක පියවරක් ලෙස ගමන අත්හිටුවීමට තීරණය කළ ගුවන් නියමුවා ගුවන් යානය අද අලුයම 1.40ට පමණ නැවත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව සඳහන් කළේය.


පසුව, එම මගීන් සිඩ්නි බලා රැගෙන යාම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එම වර්ගයේම තවත් Airbus A330 ගුවන් යානයක් යොදවා තිබේ.


ඒ අනුව, ආදේශක ගුවන් යානය අද පෙරවරු 6.06ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් සිඩ්නි බලා පිටත්ව ගොස් ඇත.


මේ අතර, අකුණු සැර වැදී බලපෑමට ලක් වූ ගුවන් යානය පරීක්ෂා කිරීම් සහ අලුත්වැඩියා කටයුතු සඳහා කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නඩත්තු අංගනය වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.


Source - Ada Derena News

More updates to come on AusNewsLanka.

1 Comment


Ghita Nang
Ghita Nang
Jun 14

Nicely written article with some great takeaways interesting guide It's refreshing to see well-researched content like this online https://en.wikipedia.org/wiki/Digital_marketing Thank you for putting this together!

Like
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
WhatsApp Image 2024-08-09 at 7.51.47 PM.
Volvo_EX30_SA_300x250-1.jpg
Mautralian career.jpg
milhealthhabits-2.jpg
bottom of page