ශ්‍රී ලංකාවේ දරු උපත් අනුපාතය 33%කින් පහළට...
- 2 hours ago
- 1 min read

2025 වසර දක්වා ගත වූ පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව 120,000කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලින් අනාවරණය වී තිබේ.
උපත් අනුපාතයේ අඛණ්ඩ පහත වැටීම හමුවේ දරු උපත් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහාය සහ දිරිගැන්වීම් ලබාදීමට රජය කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
2015 සිට 2025 දක්වා කාලය තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටී ඇති අතර, එම ප්‍රවණතාව 2019 වසරෙන් පසු වඩාත් කැපී පෙනෙන ලෙස වේගවත් වී ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
එම දත්ත අනුව,
මෙම සංඛ්‍යාලේඛන අනුව, 2019 සිට 2025 දක්වා කාලය තුළ දරු උපත් සංඛ්‍යාව සියයට 33කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව පෙනී යයි.
මෙම පහත වැටීමට ප්‍රධාන හේතු ලෙස විවාහ ප්‍රමාද වීම, විවාහ අනුපාතයේ අඩුවීම, ජීවන වියදම ඉහළ යාම, ප්‍රජනන වයසේ තරුණ පිරිස විදේශගත වීම, විදේශ රැකියා හේතුවෙන් සැමියා සහ බිරිඳ වෙන්ව ජීවත් වීම මෙන්ම කුඩා පවුල් සංකල්පය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම හඳුනාගෙන ඇත.
ඊට අමතරව, කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය ඉහළ යාම, පවුල් සැලසුම්කරණය පිළිබඳ ආකල්පවල වෙනස්වීම්, උපත් පාලන ක්‍රම භාවිතය සහ වඳභාවය ආශ්‍රිත ගැටලු ද උපත් අනුපාතය පහත වැටීමට බලපා ඇති බව නිලධාරීන් සඳහන් කළේය.
දිගුකාලීනව ජනගහන ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වාර්ෂිකව දරු උපත් 330,000ත් 360,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බව නිලධාරීන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, 2025 වසරේ වාර්තා වී ඇති දරු උපත් සංඛ්‍යාව 214,570ක් පමණක් වන අතර, එය අවශ්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතින බව ද ඔවුහු අවධාරණය කළහ.
Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.






































Comments