Ceylon Tea Village: තේ අපනයනය ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ...
- Jul 16
- 2 min read

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ජාතික ඉලක්ක සපුරා ගැනීම සහ දහස් සංඛ්‍යාත සුළු තේ වතු හිමියන්ගේ ජීවනෝපාය නංවාලීම අරමුණු කරගත් "සිලෝන් ටී විලේජ්" (Ceylon Tea Village) ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරිණි.
වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයින පුරා තේ ගම්මාන 144ක් ආවරණය වන අතර, ඉදිරි කාලය තුළ රට පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීම එහි දිගුකාලීන සැලැස්ම වේ.
මෙම වැඩසටහන මඟින් 2030 වන විට වාර්ෂික නිෂ්පාදිත තේ (Made Tea) නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම සහ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වා වැඩි කිරීම රජයේ ප්‍රධාන ඉලක්ක ලෙස නම් කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම වැඩසටහන මඟින් සුළු තේ වතු අංශය නවීකරණය කිරීම, ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවයි.
වැඩසටහන යටතේ හඳුනාගෙන ඇති ප්‍රධාන අරමුණු අතර, සුළු තේ වතු හිමියන්ගේ තේ දළු අස්වැන්න සහ ඵලදායිතාව ඉහළ නැංවීම, ගොවි ආදායම් වැඩිදියුණු කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, තේ වගාව සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර කෘෂිකාර්මික තාක්ෂණ හඳුන්වාදීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නිෂ්පාදක සමුපකාර පද්ධති ශක්තිමත් කිරීම ඇතුළත් වේ.
සෑම තේ ගම්මානයකටම ඒකාබද්ධ සංවර්ධන පැකේජයක් හිමිවන අතර, ඊට අධි-ඝනත්ව තේ වගා ආදර්ශ බිම්, නව තේ පැළ තවාන්, සුළු තේ ඉඩම් සඳහා රක්ෂණ ආවරණ, තේ වගාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රම, සහනදායී ණය පහසුකම්, යාන්ත්‍රිකරණයට සහාය, අත්කම් තේ නිෂ්පාදනය සඳහා පුහුණුව හා උපකරණ, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංවර්ධන අවස්ථා, අතිරේක ආදායම් මාර්ග සංවර්ධනය සඳහා සහාය, නිෂ්පාදක සමුපකාර ශක්තිමත් කිරීම, පුනර්ජනනීය කෘෂිකර්මාන්තය පිළිබඳ පුහුණුව සහ ප්‍රමුඛතා යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළත් වේ.
වැඩසටහනේ පළමු අදියර යටතේ 2026 වසර තුළ රට පුරා පිහිටි තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ස්ථාපිත කිරීමට නියමිතය.
Source : News First
More updates to come on AusNewsLanka.






































Comments