ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට ආරාධනා...
- 5 hours ago
- 1 min read

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සාමකාමී හා හිතකර ගමනාන්තයක් වන බැවින්, ඔස්ට්‍රේලියානු ආයෝජකයින් මෙරටට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකවරයා, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා වෙත ප්‍රකාශ කර ඇත.
මෙම අදහස් පළ වූයේ, කථානායකවරයා සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා අතර පසුගියදා පැවැති හමුවකදීය. එම සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී වී ඇත.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව විසින් දිගුකාලීනව ලබා දී ඇති සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකාවගේ අවංක කෘතඥතාව පළ කළ කථානායකවරයා, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අඛණ්ඩ සහතිකයක් ද ලබා දී ඇත.
එමෙන්ම, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ පුළුල් පරාසයක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාවේ කැපවීම නැවත තහවුරු කර ඇත.
මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පරිප්පු ඇතුළු ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන දැනටමත් ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ පවතින බවයි. විශේෂයෙන් කෘෂිකාර්මික අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ප්‍රතිබිම්බ කරමින්, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය විසින් අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී නැවත තහවුරු කර ඇත.
Source : AdaDerana
More updates to come on AusNewsLanka.





































Comments